Social Icons

facebookrss feedemailtwitter

Thursday, September 6, 2018

හකානි සන්නද්ධ ජාලයේ නිර්මාතෘ මියයයි

ඇෆ්ගන් කැරැල්ලේ භයානකම සහ බලසම්පන්නම කණ්ඩායමක් ලෙස සලකනු ලැබූ හකානි සන්නද්ධ ජාලයේ නිර්මාතෘ ජලාලුදීන් හකානි මියගොස් ඇතැයි තලේබාන් සංවිධානය නිවේදනය කළේය.

කලක් තිස්සේ ඔහු අසනීප තත්ත්වයෙන් පසුවූ බව තලේබාන් සංවිධානය සඳහන් කළේය. ජලාලුදීන් හකානි “හකානි” ජාලය ආරම්භ කරන ලද්දේ 1970 වසරේදීය. ඉන් වසර කිහිපයකට පසු හෙතෙම එම ජාලයේ මෙහෙයුම් නායකත්වය තම පුතු සිරාජුදීන් හකානිට බාරදී තිබේ.