Social Icons

facebookrss feedemailtwitter

Thursday, September 6, 2018

ජේබී ටයිෆූනයෙන් ජපානයේ මිලියන 1 . 2 කට බලපෑම්

වසර 25 කට පසුව ජපානයට බලපෑ දරුණුම ටයිෆූන් සුළි කුණාටුවට කියෝතෝ හා ඔසාකා දූපත්  හරහා පැයට කිලෝ මීටර් 208 - 216 අතර වේගයෙන් හමා  ගොස් තිබේ. ජපානය තුළ දැනට හදිසි තත්වයක් ප්‍රකාශ කර ඇත.

ඒ ටයිෆූන් කුණාටුවේ බලපෑම හේතුවෙන් නාය යෑම් හා ගං වතුර තත්වයක් ඇති වීමේ ප්‍රවණතාවයක් ඇති විය හැකි බැවිනි. මේ වන විටත් අනාරක්ෂිත ප්‍රදේශ වෙතින් ඉවත් වීමට පුද්ගලයන් මිලියන 1.2 ක් සඳහා නියෝග ලබා දී ඇත. කුණාටුවෙන් මිය ගිය පුද්ගලයන් ගණන 9කි.

තුවාල වූ පුද්ගලයන් ගණන 300 ක් දක්වා ඉහළ නැග ඇත. මිලියන 2 කට අධික දේපල ප්‍රමාණයක් කුණාටුවෙන් විනාශව ඇති බවට වාර්තා වී ඇත. එකවර හමාගිය මෙම ටයිෆූන් කුණාටුව හේතුවෙන් “කන්සායි” ගුවන් තොටුපළ තුළ කිසිදු පිළිසරණක් නොමැතිව සිටි පිරිස 3000 කට ආසන්න ය. ජපන් දූපත් වන නගෝයා හා ඔසාකා අතර ගුවන් වාර 800 ක් අවලංගු කර ඇත. මේ වන විට සැඩ සුළං වේගය මඳක් අඩු වෙමින් උතුරු දිශාවට හමා යන බවට ලෝක කාලගුණ වාර්තා  තුළ සඳහන් ය.