Social Icons

facebookrss feedemailtwitter

Friday, September 7, 2018

පෙරුගුවේ තානාපති කාර්යාලය නැවතත් ටෙල්අවීව් නුවරට

ජෙරුසලමට මාරු කළ තම තානාපති කාර්යාලය ආපසු ටෙල් අවීව් නුවරට ගෙන යන බව ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන පෙරුගුවේ පවසයි.

පෙරුගුවේ රාජ්‍යය තම තානාපති කාර්යාලය ටෙල් අවීව් සිට ජෙරුසලමට මාරු කළේ හිටපු ජනාධිපති හොරේෂියෝ කාර්ටේස්ගේ තීරණයකට අනුවය. ඒ පසුගිය මැයි මාසයේදී. පෙරුගුවේ නව ජනාධිපතිවරයා වන්නේ මාරියෝ ඇබ්ඩෝය. මොහු එම ධුරයට පත් වූයේ පසුගිය අගෝස්තු මාසයේදී. නව ජනාධිපතිවරයාගේ තීරණය අනුව තානාපති කාර්යාලය යළි ටෙල් අවීව් බලා ගෙනනු ඇති බව වාර්තා වේ.