Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 11, 2018

නිව්යෝර්ක් උමං දුම්රිය මාර්ගය නැවතත් විවෘත වේ

වසර 17 කට පෙර අල්කයිඩා ප්‍රහාරයෙන් විනාශ වූ “නිව්යෝර්ක් උමං දුම්රිය මාර්ගය” ඇමරිකානුවන් වෙනුවෙන් නැවත විවෘත කෙරේ.

මෙම දුම්රිය ස්ථානය 2001 දී හැඳින්වූයේ “ලෝක වෙළඳ මධ්‍යස්ථාන කෝර්ට්ලන්ඞ් නැවතුම්පළ” ලෙසය. මෙම නැවතුම් පිහිටා තිබුණේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බිම් මහලේය. 2001 සැප්තැම්බර් 11 වන දින එල්ල වූ අල්කයිඩා ප්‍රහාරයත් සමඟ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ විශාල කුළුණු කොටස් සියල්ල පතිත වූයේ මෙම උමං දුම්රිය මාර්ගය මතටය.


වසර 15 ක් පුරා වසා දමා තිබූ මෙම උමං දුම්රිය මග පිළිසකර කිරීම ආරම්භ වූයේ 2015 වසරේදීය. මෙම ස්ථානය අවට ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් ගණන 3000 කට අධික විය.