Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 11, 2018

ඉරාන කොන්සල් කාර්යාලය ගිනි තබයි

දකුණුදිග ඉරාකයේ බස්රා නුවර ඉරාන කොන්සල් කාර්යාලය ගිනි තබා විනාශ කර ඇතැයි වාර්තා වේ.

ගිනි තැබීම කර ඇත්තේ බස්රා නුවර වීදි බැස මූලික අයිතීන් වෙනුවෙන් විරෝධතා පවත්වන ප්‍රචණ්ඩ විරෝධතාකරුවන් යැයි පැවැසෙයි. කොන්සල් කාර්යාලයේ ඉරාන ජාතිකයන් කිසිවකුට අනතුරක් නැති බව ද පැවසේ. විරෝධතාකරුවන්ට ඉරාක ආරක්ෂක අංශ හරස්වීමෙන් හටගත් ගැටුම් හේතුවෙන් විරෝධතාකරුවන් 11 ක් ජීවිතක්ෂයට පත් වූහ.