Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 11, 2018

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 21 - 30

20 වන වරටත් සංවිධානය කර තිබෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 21 - 30 දින ඇරඹේ.

දින 10 ක කාලය තුළදී පොත් වලට ආදරය කරන මිලියන 1.5 ක පමණ ජනතාවක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමිණෙනු ඇතැයි සංවිධායකයින් අපේක්ෂා කෙරේ. සැප්තැම්බර් 21දා ඇරඹෙන මෙවර පොත් ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශකයින් 200 කට වැඩි පිරිසක් සහභාගී වන අතර අලෙවි කුටි ප්‍රමාණය 400 කට අධිකය. එයින් කුටි 40 ක් විදේශීය පොත් අලෙවිය සදහා ලබාදී ඇත. මෙම පොත් ප්‍රදර්ශනය සැලකෙන්නේ මෙරට සිදුකරන විශාලතම වාර්ෂික පොත් ප්‍රදර්ශනය ලෙසයි.