Social Icons

facebookrss feedemailtwitter

Friday, September 7, 2018

ජපානයේ හොකයිඩෝ දූපතේ භූමිකම්පාවෙන් හානි රැසක්

ජපානයේ හොකයිඩෝ දූපත් ආසන්නයේ සිදුවූ රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රබල භූමිකම්පාවෙන් දේපල හා මිනිස් ජීවිත රැසක් අහිමි වී ඇති බව වාර්තා වේ.

මෙම භූමිකම්පාවෙන් දැනට පුද්ගලයින් 9ක් මිය ගොස් 31 ක් අතුරුදහන් ව ඇත. මේ වන විටත් භූ කම්පනයෙන් හා මඩ ගැලීම් වලින් ආපදාවට පත් පුද්ගලයන් අවදානම් ස්ථාන වෙතින් ඉවත් කරමින් පවතියි. නැවත ඇති විය හැකි පසුකම්පන හා මඩ ප්‍රවාහ වෙත සැළකිල්ලෙන් සිටින්නැ යි මහජනතාවට හදිසි නිවේදන ද නිකුත් කර තිබේ.