Social Icons

facebookrss feedemailtwitter

Thursday, September 6, 2018

චීන-අප්‍රිකා සහයෝගතා සාකච්ඡා සභාවේ බෙයිජිං සමුළුව අවසන් වෙයි

එම සමුළුවෙන් පසුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, සාකච්ඡා සභාව් හිටපු සම සභාපති දකුණු අප්‍රිකා ජනාධිපති Matamela Cyril Ramaphosa මහතා හා නව සම සභාපති සෙනෙගල් ජනාධිපති Macky Sall මහතා සමග මහජන මහ ශාලාවේ පැවති මාධ්‍ය හමුවට එක්වූහ.

මෙවර බෙයිජි සමුළුව මගින් චීන අප්‍රිකා සබඳතාව නව ඓතිහාසික පරිච්ඡේදයකට පිවිසීම හා සංවර්ධන වෙමින් පවතින රටවල් අතර සහයෝගතාවන්හී නව යුගයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව ෂී ජින් පිං මහතා පැවසීය. චීන අප්‍රිකා සහයෝගතා සාකච්ඡා සභාවේ සාමාජික රටවල නායකයන් බෙයිජිංහි රැස්ව “සහයෝගතා හා පොදු ජයග්‍රහණය මත අත්වැල් බැඳ ගෙන වඩා සමීප චීන-අප්‍රිකා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම”යන තේමාව ය‍ටතේ චීන-අප්‍රිකා සබඳතාවේ ඉදිරි සංවර්ධනය සැලැසුම් කර තිබේ.

වඩා සමීප චීන අප්‍රිකා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම පිළිබඳ බෙයිජිං ප්‍රකාශනය හා චීන අප්‍රිකා සාකච්ඡා සභාවේ බෙයිජිං ක්‍රියාකාරී සැලැස්ම සමුළුවේදී සම්මත කෙරිණ. ඉන් චීනය හා අප්‍රිකාව අත්වැල් බැඳ ගෙන ඉදිරියට යාමේ පණිවිඩය ලෝකයට ඉදිරිපත් කෙරෙන බව ෂී ජින් පිං මහතා කියා සිටියේය.