Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 11, 2018

ෆ්ලොරන්ස් නිසා ප්‍රාන්ත තුනකට දැඩි බලපෑම්

අමෙරිකාවේ ප්‍රාන්ත තුනකට “ෆ්ලොරන්ස්” සුළි කුණාටුවේ බලපෑම් එල්ල විය හැකි බවට එරට බලධාරින් විසින් අනතුරු ඇගවා තිබේ.

දකුණු සහ උතුරු කැරොලිනා  සහ වර්ජිනියා යන ප්‍රාන්ත වලට මෙම සුළි කුණාටුවේ බලපෑම් එල්ල විය හැකි බව වාර්තා වේ. දකුණු කැරොලිනා ප්‍රාන්ත ආණ්ඩුකාර හෙන්රි මැක්මාස්ටර් විසින් එම ප්‍රාන්තයේ  වෙරළබඩ ප්‍රදේශයෙන් ජනතාවට ඉවත් වන ලෙස ද දැනුම් දී තිබේ. මීට අමතරව උතුරු කැරොලිනා සහ වර්ජිනියා යන ප්‍රාන්ත වල හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වේ. සුළි කුණාටුවේ වේගය පැයට කිලෝමීටර් 195ක් පමණ දක්වා වර්ධනය විය හැකි බව වාර්තා වේ.