Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 9, 2018

පො‍හොර සහනාධාරය ඇරැඹේ

2018 මහ කන්නය සඳහා සහනාධාර වශයෙන් පොහොර ලබාදීමේ වැඩපිළිවෙළ කෘෂිකර්ම අමාත්‍යංශය අරඹයි.

ඒ සඳහා රජය වැය කරන මුදල රු. මි. 35,000 ඉක්මවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි. පො‍හොර අධි භාවිතය නිසා ලබාදෙන පොහොරවලින් 30% ක් අපතේ යන බවත්, කඳුකර ප්‍රදේශවල අපතේ යන පොහොර ප්‍රමාණය 50% ක් තරම් ඉහළ මට්ටමක පවතින බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි ද ඇමැතිවරයා පවසා ඇත. කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම සඳහා රජය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ යටතේ කාබනික වී ගොවිතැනේ නිරතවන ගොවීන්ට කාබනික පොහොර මිලදී ගැනීම සඳහා රු. 18,000ක මූල්‍ය ප්‍රතිපාදන හෙක්ටයාර් එකක් වෙනුවෙන් ලබාදීමට නියමිතයි.