Social Icons

facebookrss feedemailtwitter

Thursday, September 6, 2018

අප්‍රිකාවට ඇ.ඩො බිලියන 60ක චීන ආධාර

චීන අප්‍රිකා සහයෝගීතා සාකච්ඡා සභාව චීනයේ බෙයිජින්ග් නගරයේදී නිමාවට පත්විය.

එම සමුළුව අතර තුළ අප්‍රිකා මහද්වීපයේ සංවර්ධනයට ඇමරිකානු ඩොලර් බිලියන 60ක ආධාරයක් ලබා දීමට තීරණය කර ඇති බව චීන ජනපති ෂී ජින් පින්ග් ප්‍රකාශ කළේය. එම චීන ආධාර මුදල් අප්‍රිකාවේ යටිතල පහසුකම් හා අත්‍යවශ්‍ය සේවා සඳහා යෙදවීම මෙහි අරමුණ වී ඇත. මෙම ආධාර මුදල් “දේශපාලනික අරමුණු” සඳහා නොවන බවත් “කලාපීය ආර්ථීක සහයෝගිතාවය” ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යොදවන බවත් සඳහන්ය. අප්‍රිකානු මහද්විපයේ සංවර්ධනය වෙනුවෙන් විශාලතම මූල්‍ය සහය ලබා දෙන රට වන්නේ ද චීනයයි.