Social Icons

facebookrss feedemailtwitter

Thursday, September 6, 2018

දකුණු කොරියානු නියෝජිතයින් පිරිසක් උතුරු කොරියාවට

උතුරු සහ දකුණු කොරියානු නායකයින් අතර පැවැත්වීමට නියමිත තෙවන හමුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දකුණු කොරියානු නියෝජිතයින් පිරිසක් උතුරු කොරියාවට පැමිණ තිබේ.

දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත පිරිසක් මෙලෙස උතුරු කොරියාවට පැමිණ ඇති බව සඳහන්වේ. දෙරටේ නායකයින් අතර තෙවන හමුව මේ මස අවසානයේදී පැවැත්වීමට නියමිත අතර අදාළ හමුව පිලිබඳ අවසන් තීන්දු තීරණ ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.