Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 11, 2018

ප්‍රංශයේ හමුදා කටයුතු සදහා චන්ද්‍රිකා අලුත්වැඩියා කෙරේ

හමුදා කටයුතු සඳහා යොදා ගැනීමට චන්ද්‍රිකා අලුත්වැඩියා කිරීම සඳහා ප්‍රංශය එක්සත් ජනපද ඩොලර් බිලියන 4.2ක මුදලක් ආයෝජනය කරන බව එරට ආරක්ෂක අමාත්‍ය ෆ්ලෝරන්ස් පාලි ප්‍රකාශ කළාය.

ප්‍රතිවාදීන්ගෙන් එල්ල විය හැකි තර්ජන සළකා බලමින් එම පියවර ගන්නා බව ඇය සදහන් කරයි. ප්‍රංශ සහ ඉතාලි හමුදා ආරක්ෂිත සන්නිවේදන කටයුතු සඳහා යොදාගන්නා චන්ද්‍රිකාවකට බාධා කිරීමට රුසියාව පසුගිය වසරේදී උත්සාහ කර ඇතැයි ද ප්‍රංශ ආරක්ෂක අමාත්‍යවරිය පවසා ඇත.