Social Icons

facebookrss feedemailtwitter

Friday, February 9, 2018

වසර 2022 දී ගෙවීමට ඇති ණය සේවා පිරිවැයේ වටිනාකම ඩො.බි. 21 ක් - අගමැති

වසර 2022 වන විට ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති ණය සේවා පිරිවැය වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 21ක් යැයි,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර ඇත. වසර 2022 වනවිට ජාත්‍යන්තර සුරැකුම්පත් කල් පිරෙන බවත්, ඒවායේ සමස්ත වටිනාකම ඩොලර් බිලියන 21ක් යැයි ද අග්‍රාමාත්‍යවරයා පවසා සිටී.


ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ 24 වැනි සභාපතිවරයා ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් කොළඹ පැවැති උත්සවයේ දී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් ඉදිරිපත් කර තිබේ. වසර 2022 දී කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වටිනාකම ඩොලර් බිලියන 9 ක් වේ.

එමෙන්ම වසර 2022 දී කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කරවල වටිනාකම ඩොලර් බිලියන 12 කි. ශ්‍රී ලංකාව ඒම මුදලත් ගෙවිය යුතුය. ඒ අනුව ගෙවිය යුතු මුලු ණය සේවා පිරිවැයේ වටිනාකම ඩොලර් බිලියන 21 කි.