Social Icons

facebookrss feedemailtwitter

Friday, February 9, 2018

ෆෝල්කන් හෙවි රොකට්ටුව උඩු ගුවනට

අමෙරිකාවේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයකු වන එලෝන් මස්ක් විසින් සිය නවතම රොකට්ටුව වන ‍ෆෝල්කන් හෙවි රොකට්ටුව ෆ්ලොරීඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කර ඇත. මෙය අතිවිශාල යානය “ස්පේස් ෂටල්” රොකට්ටු වර්ගයේ දැවැන්ත නිර්මාණයක් වන අතර අත්ලාන්තික් සාගරයට ඉහළින් සාර්ථක ලෙස අභ්‍යවකාශයට ගමන් කළ බව පැවසේ.


ටොන් 64 ක පමණ බරක් උඩු ගුවනට ගෙන යාහැකි ලෙස මෙම රොකට්ටුව නිපදවා තිබේ. මෙය පර්යේෂණ චාරිකාවක් බව එලෝන් මස්ක් පවසයි. පෘථිවි කක්ෂය වෙත උපරිම බරක් ගෙනයෑමට ඇති හැකියාව අත්හදා බැලිම මෙම රොකට්ටුවේ මුලික අරමුණ බව මස්ක් පවසා ඇත. ලොව ප්‍රබලතම අධි බලැති රොකට්ටුවක් වන “ෆොල්කන් හෙවි” එන්ජින් 27 කින් සමන්විත වේ.