Social Icons

facebookrss feedemailtwitter

Tuesday, March 20, 2018

පළාත් පාලන ආයතන 170ක් පිහිටුවීමට පියවර

20 වැනි දිනෙන් පසු පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරිමේ හැකියාව පවතින බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.


අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කර ඇත්තේ, සියයට 50 හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ලබාගත් පළාත් පාලන ආයතනවලට එහි නිලධාරි මණ්ඩලය පත්කර ගැනීමේ හැකියාව පවතින බවය. ඒ අනුව පළාත් පාලන ආයතන 170ක් සංස්ථාපනය කිරීමේ හැකියාව පවතින බව ලේකම්වරයා සඳහන් කර තිබේ.