Social Icons

facebookrss feedemailtwitter

Monday, March 19, 2018

ව්ලැද්මීර් පුටින් යළිත් රුසියාවේ ජනාධිපති ලෙස තේරී පත්වේ

රුසියානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ව්ලැද්මීර් පුටින් යළි සමත්වේ. ඔහු ජනාධිපති ධුරයට පත්වු සිව්වන අවස්ථාව මෙයයි. අඛණ්ඩව එම ධුරයට පත් වු දෙවන අවස්ථාව ද මෙයවීම විශේෂත්වයකි. ඊයේ පැවති ජනාධිපතිවරණයේ දී ඔහු සියයට 76ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

ව්ලැද්මීර් පුටින් මීට පෙර 1999 වසරේ සිට 2008 වසර දක්වා ද එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. මෙවර පැවැත්වුණේ රුසියාවේ 05 වැනි ජනාධිපතිවරණයයි.

ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 111ක් විසින් ඡන්දය ප්‍රකාශ කෙරෙන ලොව විශාලතම රාජ්‍ය වන්නේ රුසියානු සමූහ ආණ්ඩුවයි. මෙවර රුසියානු ජනාධිපතිවරණය සඳහා ජනාධිපති විලැද්මීර් පුටින් ඇතුළු අපේක්ෂකයින් 08දෙනෙකු තරග වැදින. එරට සිවිල් ආරම්භක පක්ෂය නියෝජනය කරමින් කෙසියා සොර්බක්, කාන්තා අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත්ව සිටින බවද සදහන්. රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට ජනාධිපතිවරණ අපේක්ෂක ධූරය අහිමි වීම ද විශේෂත්වයකි.

ජනාධිපති විලැද්මීර් පුටින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ සිව්වැනි වරටත් ලොව විශාලතම රාජ්‍යයේ බලය සියතට ගැනීමේ අරමුණිනි. පුටින් පළමු වරට රුසියාවේ වැඩබලන ජනාධිපති ධුරයට පත්වුණේ 1999 වසරේ දෙසැම්බර් 31 වැනිදා ය. 2000 වසරේ මැයි 7 වැනිදා ඔහු රුසියානු සමූහ ආණ්ඩුවේ දෙවැනි ජනාධිපතිවරයා බවට පත්විය. අනතුරුව ඔහු යළිත් වරක් රුසියාවේ හිමිකරු බවට පත්වූයේ 2012 වසරේදීයි. හිතුවක්කාර, ඝෘජු තීරණ ගන්නා නායකයෙකු ලෙස 65 හැවිරිදි විලැද්මීර් පුටින්ට ලෝක ප්‍රකටය.