Social Icons

facebookrss feedemailtwitter

Friday, March 23, 2018

FBසමාගමට එල්ල වු චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹයි

ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය භාවිත කරන මිලියන 50 කට වැඩි පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත දේශපාලනික වශයෙන් ප්‍රයෝජනයට ගෙන ඇති බවට ෆේස්බුක් සමාගමට එල්ලවූ චෝදනා සම්බන්ධව අමෙරිකාව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Cambridge Analytica ලෙස නම්වූ දේශපාලන උපදේශනය සම්බන්ධ වූ ආයතනයක් විසින් මෙලෙස මිලියන 50 කට වැඩි ෆේස්බුක් පරිශීලකයින්ගේ දත්ත තුළට ඇතුළත් වී ඇති බව වාර්තා වේ.

2016 වසරේ අමෙරිකානු ජනාධිපතිවරණ කාලසීමාවේදී ට්‍රම්ප් ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධව මෙම Cambridge Analytica සමාගමත් සමඟ එක්ව කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඒ අනූව ෆේස්බුක් පෞද්ගලික දත්ත උපයෝගී කරගෙන තරුණ පිරිසගේ කැමැත්ත ට්‍රම්ප් වෙත ලබාගත් බවට මේ වනවිට අනාවරණය වී ඇත. කෙසේ නමුත් එය මැතිවරණ නීති උල්ලංඝනය කල බවට හේතුවක් වීම හේතුවෙන් අදාළ සමාගමේ ප්‍රධානියාගේ වැඩ තහනම් කිරීමට පාලක බලධාරීන් ක්‍රියා කල තිබේ.

මහා බ්‍රිතාන්‍ය පදනම් කරගෙන නිර්මාණය වී ඇති Cambridge Analytica සමාගම මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර ඇති නමුත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සහ යුරෝපා පාර්ලිමේන්තුව මේ සම්බන්ධව ෆේස්බුක් ප්‍රධානි මාර්ක් සකර්බර්ග්ට සාක්ෂි ලබාදෙන ලෙසට  පවසා තිබේ. මේ අතර පරිශීලකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේදැයි ප්‍රකාශයක් ලබාදීම සඳහා තමන් ඉදිරියේ පෙනී සිටින ලෙස ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලය මාර්ක් සකර්බර්ග් වෙත දන්වා ඇති බව වාර්තා වෙයි.