Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 22, 2018

මිල අධිකම රත්‍රං චොක්ලට් නිෂ්පාදනය කෙරේ

ලොව මිල අධිකම චොක්ලට් පසුගියදා වෙළෙදපොළට නිකුත් කිරීමට පෘතුග්‍රීසිය සමත් විය. එහි මිල අමෙරිකානු ඩොලර් 9,500කට ආසන්නය. මෙහි විශේෂත්වය වන්නේ ඉතා දුර්ලභ අමුද්‍රව්‍ය සහ ආහාරයට ගැනීමට හැකි රත්‍රං ද මීට ඇතුළත් කර තිබීමය.

දියමන්ති හැඩැති මෙම චොක්ලට් ප්‍රමාණය ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් නිපදවූ බවයි, නිෂ්පාදකයින් සඳහන් කර ඇත්තේ. 


ප්‍රමාණය චොකලට් 1000 කි. මෙම චොකලට් වෙළෙදපොළට නිකුත් කරනුයේ පළිඟු වලින් නිෂ්පාදනය කරන ලද විශේෂිත මංජුසාවක් ද සමගිනි. මීට පෙර ලොව මිල අධිකම චොකලට් නිෂ්පාදනයෙන් ගිනස් වාර්තාවට හිමිකම් කිව්වේ අමෙරිකාවය. එක් චොකලටයක වටිනාකම ඩොලර් 250 කි.