Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 22, 2018

අමෙරිකාවේ පාසලක යළි වෙඩි තැබීමක්

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අමෙරිකාවේ මේරිලන්ඞ් ජාත්‍යන්තර උසස් පාසලේ එම වෙඩි තැබීම සිදුව ඇති බවයි. එහිදී 16 හැවිරිද ගැහැණු ළමයෙකු සහ 14 හැවිරිදි පිරිමි ළමයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.


වෙඩි තැබීම සිදු කළ බවට සැක කෙරෙන 17 හැවිරිදි තරුණයා වෙඩි වැදී මිය ගොස් ඇති බව සඳහන්. පාසලේ මුරකරු සහ වෙඩික්කරු අතර වෙඩි හුවමාරුවක් ද සිදුව ඇති අතර අදාළ තරුණයා එහිදී මිය ගියේද නැතහොත් සිය දිවි හානි කර ගත්තේ ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණ වී නොමැත. ආරක්ෂක අංශ පවසන්නේ අදාළ වෙඩි තැබීම ත්‍රස්ත ක්‍රියාවක් නොව එය යම් සබඳතාවක් මුල් කරගනිමින් සිදු කරන බවට සැක පළ කරන බවයි.