මත්ස්‍ය සම්පත ඇතුළු සාගර සම්පත් පිළිබඳ පුළුල් ගවේෂණයක් සිදු කිරීමට නාරා ආයතනය පියවර ගෙන ඇත. නාරා ආයතනය පැවසුවේ එලෙස ශ්‍රී ලංකාවේ සාගර සම්පත් ගවේෂණයක් සිදු වන්නේ වසර 38 කට පසුව බවයි.
නෝර්වේ රාජ්‍යයේ සහය ඇතිව සිදුකරන මෙම ගවේෂණය සඳහා නෝර්වේ රාජ්‍යය සතු ඉතා නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නෞකාවක් යොදා ගැනේ. සමුද්‍රජීවී සම්පත් තිරසර භාවිතය සහ සාගර පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීම මෙම ගවේෂණයේ අරමුණ බව නාරා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එච්. එම්. පී. කිත්සිරි මහතා පැවසීය. ධීවර සම්පත් කළමණාකරණයේ දී ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සදහා ඉතා නිවැරදි දත්ත අවශ්‍ය බව ද හෙතෙම සඳහන් කළේය. මෙම ගවේෂණය ලබන ජුනි 22 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.