ජාත්‍යන්තර වශයෙන් චීනය ක්‍රියාත්මක කරන විවෘතභාවය තවදුරටත් පුළුල් කරන බව චින අග්‍රාමාත්‍යවරයා පවසයි. චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා 20 වැනි දින බෙයිජිංහිදී දෙස්-විදෙස් මාධ්‍යවේදීන් අමතමින් මේ බව සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ ගෙවි ගිය වසර 40ක් තුළ චීනය ආර්ථික හා සමාජීය ක්ෂේත්‍රවලින් ලබා ගත් දැවැන්ත ජයග්‍රහණ තම රට ක්‍රියාත්මක කරන විවෘතභාවය හා සම්බන්ධ බවයි. නිදහස් වෙළඳාම අඛණ්ඩ ලෙස ආරක්ෂා කරමින් විවෘතභාවය තවදුරටත් පුළුල් කිරීමට චීනය දායක වෙයි. මේ අනුව, ආනයන භාණ්ඩවල තීරු බදු තවදුරටත් අඩු කෙරේ. වියපත් පුද්ගලයින් නඩත්තු කිරීම, වෛද්‍ය, මූල්‍ය යනාදී සේවා ක්ෂේත්‍රවල චීන වෙළඳපලට පිවිසීමේ ප්‍රමිතීන් ලිහිල් කිරීමට පියවර ගැනේ. එමෙන්ම නිෂ්පාදන කර්මාන්තය ද සම්පූර්ණයෙන්ම විවෘත වනු ඇති බව ද චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා ප්‍රකාශ කර ඇත.