Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 14, 2018

සමාජ මාධ්‍ය භාවිතයට නව වැඩපිළිවෙළක් ඉදිරියේදී රටට හඳුන්වා දෙන බව ජනපති පවසයි

මහනුවර සහ අම්පාර ප්‍රදේශයන්හි ඇති වූ තත්ත්වයන්ගෙන් පසුව ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව තහනම් කළද ඉදිරි දින කිහිපය තුළ එම තහනම ඉවත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ, ජපානයේ නිල සංචාරයක නිරතව සිටින අතරතුරදීය.

ඒ ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමු වූ අවස්ථාවේදීයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ සමාජ යහපත වෙනුවෙන් යම් යම් දේ සඳහා ඉඩ දුන්නද සමාජය විනාශ කරන යම් දෙයක් වන්නේ නම් එය පාලනයට අවශ්‍ය පියවර ගන්නා බවයි.

ශ්‍රී ලංකාවේ ඇතැමුන් ජංගම දුරකථන, පරිගණක, අන්තර්ජාලය මෙන්ම සමාජ මාධ්‍යය ද රටේ මෙන්ම සමාජයේ විනාශය වෙනුවෙන් යොදා ගන්න බවත් එහෙත් ඉන් ඊට වඩා වැදගත් ප්‍රයෝජන ලබාගත හැකි බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. එම නිසා මෙම පහසුකම් නිසි ලෙස භාවිත කිරීමට අවශ්‍ය නව වැඩපිළිවෙලක් ඉදිරි සති කිහිපය තුළ රටට හඳුන්වාදීමට අපේක්ෂා කරන බව සදහන් කර ඇත. ඒ සඳහා රජය මෙන්ම සියලු ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දී ඇත.