Social Icons

facebookrss feedemailtwitter

Tuesday, March 20, 2018

සංචාරකයින්ගේ කැපීපෙනෙන වර්ධනයක්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යා ලේඛන වලට අනුව 2018 පෙබරවාරි මාසය තුළ දී දෙලක්ෂ තිස්පන්දහස් හයසිය දහඅටක සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. එය 2017 වසරේ පෙබරවාරි මාසයේ දී මෙරටට පැමිණ තිබූ එක්ලක්ෂ අනූහත්දහස් පන්සිය දාහතක සංචාකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී සියයට 19.3 ක වර්ධනයකි.

මෙම වාර්තාවන්ට අනුව 2018 වසරේ පළමු මාස දෙක තුළ දී හාරලක්ෂ හැත්තෑ හතරදහස් පන්සිය හතළිස් දෙකක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. එය පසුගිය වසර හා සැසඳීමේ දී සියයට 13.8 ක ඉහළ යාමකි. පෙබරවාරි මාසය තුළ දී පැමිණ ඇති සංචාරකයින්ගෙන් සියයට 15 ක් චීන සංචාරකයික් වන අතර එය 35,883 කි. මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය ඉන්දීය සංචාරකයින් සතුවන අතර 32,383 ක් ඉන්දීය සංචාරකයින් ප්‍රමාණයක් පසුගිය පෙබවාරි මාසයේ දී මෙරටට පැමිණ තිබේ.

පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගෙන් සියයට 52 ක්ම පැමිණ ඇත්තේ යුරෝපා කලාපයෙනි. මෙම නවතම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින්ගෙන් සියයට 98 ක්ම ගුවන් මගින් පැමිණ ඇති බවත් ඉතිරිය පැමිණ ඇත්තේ මුහුදු මාර්ගයෙන් බවත්ය.