Social Icons

facebookrss feedemailtwitter

Friday, March 23, 2018

ඇමෙරිකානු ෆෙඩරල් සංචිතය අවම පොලී මිණුම් අගය ඉහළ නංවයි

ඇමෙරිකානු ෆෙඩරල් සංචිතය අවම පොලී මිණුම් අගය ඉහළ නංවයි. එම අගය ඒකක 25කින් ඉහළ නංවා ඇති බව ඇමෙරිකානු ෆෙඩරල් විවෘත වෙළෙඳ පොල කොමිසම මුදල් ප්‍රතිපත්ති පිළිබඳ දෙදින සමුළුවක් පැවැත්වීමෙන් පසු ප්‍රකාශ කළේ ය.

මෙය, මේ වසරේ ඇමෙරිකානු ෆෙඩරල් සංචිතය එම පොලී මිණුම් අගය ඉහළ නැංවූ ප්‍රථම අවස්ථාව ය. ඒ අනුව ඇමෙරිකානු ෆෙඩරල් සංචිත අනුපාතය 1.5%ත් 1.75%ත් අතර ප්‍රතිශතය දක්වා ඉහළ නැංවේ. මේ අතර, ඇමෙරිකානු ෆෙඩරල් සංචිතයේ අලුතින් තේරී පත් වූ සභාපති Jerome Powell  මහතා සිය පළමු මාධ්‍ය හමුව පවත්වමින් කියා සිටියේ එම පියවර ගැනීම රටේ මුදල් ප්‍රතිපත්ති ක්‍රමයෙන් වඩාත් විධිමත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ සලකුණක් බවයි. එය, සමස්ත ඇමෙරිකානු වෙළෙඳ පොලේ අපේක්ෂාවන්ට සරිලන බව ද ඔහු පැවසීය. ඇමෙරිකානු ආර්ථිකය අධිඋණුසුම් තත්වයට පත් වී නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් ‍කළේ ය.