නිදහස් කුසලාන පන්දුවාර 20 - 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඔවුන් හමුවේ කඩුලු 6 කින් පරාජයට පත් වූයේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමයි.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 19 කට සීමා කෙරිණ. ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 19 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත් ලකුණු සංඛයාව 152කි. කුසල් මෙන්ඩිස් ලකුණු 55යි. පන්දු යැවීමේ දී ශාර්දුල් තාකූර් කඩුලු 4ක් බිද හෙලීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 9ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4ක් පමණක් දැවී සිටියදීය. මනීෂ් පාන්ඬේ නොදැවී ලකුණු 42ක් රැස් කළ අතර පන්දු යැවීමේ දී අකිල ධනංජය කඩුලු 2ක් බිද හෙලීය.