Social Icons

facebookrss feedemailtwitter

Friday, March 23, 2018

ඵලදායී සහයෝගතාව පුළුල් කිරීමට චීනය හා පිලිපීනය එක්වේ

චීන විදේශ ඇමති වං යී මහතා පිලිපීන විදේශ කටයුතු පිළිබඳ ලේකම් Alan Peter Cayetanoමහතා බෙයිජිහිදී හමු විය. දෙරටේ සබඳතා මෑත වසර කිහිපය තුළ ඉතා වැදගත් අවධියට පිවිස ඇති බව ඔවුහු අවධාරණය කළහ.

Cayetano මහතා පැවසුවේ පිලිපීන - චීන විදේශ සබඳතා වටිනා ලෙස සළකන තම රට චීනය ඉදිරිපත් කළ එක් තීරයක් - එක් මාවතක් වැඩපිළිවෙලට අනුබල දෙන බවය. කලාපීය ඒකීයභාවය ප්‍රවර්ධනය කිරීම උදෙසා ලබන මාසයේ චීනයේ පැවැත්වීමට නියමිත බෝ ඖ ආසියානු සමුළුවට පිලිපීන ජනාධිපතිවරයා සහභාගීවනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. දකුණු චීන මුහුදු ගැටළුව නිරාකරණය කරමින් දෙරටේ සහයෝගතා පැවැත්වීම උදෙසා යහපත් පරිසරයක් නිර්මාණය කිරීම මෑත වසර කීපයක් තුළ දෙරටේ සබඳතා වර්ධනය කිරීමට වැදගත් හේතු වී ඇති බව චීන විදේශ ඇමතිවරයා එහදී පැවසීය. මෙය අඛණ්ඩව ක්‍රියාවට නංවමින් ආරක්ෂා කිරීමට ද දෙපාර්ශවය එකඟ වූහ.