Social Icons

facebookrss feedemailtwitter

Monday, March 19, 2018

හදිසි නීතිය අවලංගු කිරීමේ ගැසට් නිවේදනයට ජනපති අත්සන් කරයි

හදිසි නීති තත්ත්තවය ඉවත් කිරීම සඳහා වන ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් තබා තිබේ. 17 වැනි දින රාත්‍රී දිවයිනට පැමිණි ජනාධිපතිවරයා අදාළ ගැසට් නිවේදනයට අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ. මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 06 වැනිදා මෙරටට හදිසි නීතිය පනවනු ලැබීය. ඒ අනුව පොලීසිය කලහකාරීන් මර්දනය කිරීමට කටයුතු කළ අතර මේ වන විට සාමකාමී තත්ත්වයක් දිවයින පුරා වාර්තාවේ.