Social Icons

facebookrss feedemailtwitter

Friday, March 23, 2018

ආන්දෝළනයක් මතු කළ ‍පුටින්ට ට්‍රම්ප්ගෙන් ලැබුණු ඇමතුම

සියයට 76කට අධික බහුතර ඡන්ද ප්‍රතිඵලයක් සමඟ නැවත වරක් රුසියාවේ ජනාධිපතිධුරයට පත්වූ ව්ලැඩ්මීර් පුටින් හට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සුභපැතුම් එක්කර තිබේ.

ට්‍රම්ප් එහිදී පවසා ඇත්තේ මෑත අනාගතයේදී පුටින් හමුවී සාකච්ඡා කිරීමට ද තමන් සූදානමෙන් සිටින බවයි. එහිදී යුක්රේනනයේ සහ සිරියාවේ  “ආයුධමය තරඟය“ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද නියමිත බව ද ට්‍රම්ප් විසින් පවසා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එමෙන්ම අමෙරිකාව සහ රුසියාව අතර “ආයුධමය තරඟය”, පාලනයෙන් මිදුනු තත්ත්වයකට පත්ව ඇති බව හා  රුසියාවේ සහ අමෙරිකාවේ යුද ශක්තියට ලඟා වීමට අනෙකුත් පාර්ශවවලට හැකියාවක් නොමැති බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී රුසියානු ජනාධිපතිවරයා හට පවසා තිබේ.


කෙසේවෙතත් රුසියාව විවසින් බ්‍රිතාන්‍යයේ හිටපු බුද්ධි අංශ නිළධාරියෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී සාකච්ඡා කර නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ විසින් පසුගියදා නෙරපා දැමීමට තීරණය කෙරුනු රුසියානු රාජ්‍ය තාන්ත්‍රික බ්‍රිතාන්‍යයෙන් පිටත්වී ඇති බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.