Social Icons

facebookrss feedemailtwitter

Tuesday, March 20, 2018

රුසියාවෙන් බ්‍රිතාන්‍යයටත් පිළිතුරක්

බ්‍රිතාන්‍යයේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 23 දෙනා පිහිටුවල් කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස රුසියාවේ සිටින බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිටුවහල් කිරීමට කටයුතු කරන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් සදහන් කරයි.

බ්‍රිතාන්‍ය රජයේ ආරක්ෂාව යටතේ එරට වාසය කළ රුසියානු කේ.ජී.බීහි හිටපු ඔත්තු සේවා සපයන්නකු වන සර්ගේ ස්ක්‍රිපාල් ඝාතනය කිරීමට ගත් උත්සහාය පිටුපස රුසියාව සිටින බවට චෝදනා කරමින් බ්‍රිතාන්‍යයේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් එරටින් පිටුවහල් කරන බව අගමැතිනි තෙරේසේ මේ ප්‍රකාශ කිරීමත් සමඟ රුසියානු විදේශ අමාත්‍යවරයා ඉහත තීරණය ප්‍රකාශ කළේය.


සර්ගේ ස්ක්‍රිපාල් රුසියාවට පමණක් නොව බ්‍රිතාන්‍යයට ද ඔත්තු සේවා සැපයූවකු බව පැවසේ. සිරියානු සිවිල් යුද්ධය සම්බන්ධයෙන් කසක්ස්තානයේ අස්තානා අගනුවර පැවැත්වෙන සාකච්ඡාවලට සහභාගී වන අතරවාරයේදී රුසියානු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. බ්‍රිතාන්‍යයේ ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර දක්වමින් අපි කඩිනමින් රුසියාවේ සිටින බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිටුවහල් කරනවා යැයි හෙතෙම කීවේය.

ස්ක්‍රිපාල් ඉලක්කර කරගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ද රුසියානු විදේශ අමාත්‍යවරයා පැවැසීය. ස්ක්‍රිපාල්ට එල්ල වූ ප්‍රහාරය විවේචනය කරමින් බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ජර්මානු සහ ඇමෙරිකා එක්සත් ජනපද නායකයෝ බ්‍රහස්පතින්දා15 වැනි දින ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කළහ.