Social Icons

facebookrss feedemailtwitter

Tuesday, March 20, 2018

මහනුවර සහ අම්පාර සිදුවීම පිළිබද අගමැතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

මහනුවර සහ අම්පාර ආශ්‍රිතව සිදුවූ සිද්ධීන් සම්බන්ධව මෙතෙක් ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග හා ඉදිරියේදී මෙවැනි සිද්ධීන් ඇති වීම වලක්වාගැනීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමේ මූලීක සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන්, මුස්ලිම් ජනතා නියෝජිතයින් සහ රජයේ ඉහල පෙලේ නියෝජිතයින් පිරිසක් සහභාගී වී තිබේ. නීති විරෝධී කටයුතුවල නිරත වූ පිරිස් සම්බන්ධයෙන් පොලීසිය ගෙන ඇති ක්‍රියාමාර්ග හා අධිකරණයට ඉදිරිපත් කර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අනුගමනය කිරීමට අපේක්ෂිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි. වන්දි ගෙවීම් කටයුතු කඩිනම් කිරීමේ හා දීර්ඝ කාලීන තිරසර සහජීවනය තහවුරු කරලීමේ වැඩසටහන් පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා මුස්ලිම් නියෝජිතයින්, අදාළ රජයේ අමාත්‍යවරුන් සහ නිලධාරීන් අතර සාකච්ඡා කඩිනමින් සංවිධානය කරන බවට අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.