Social Icons

facebookrss feedemailtwitter

Tuesday, March 20, 2018

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල නිමා වේ

2018 සීත සෘතු පැරාලිම්පික් ක්‍රීඩා උළෙල නිමාවට පත්වේ. ඒ දකුණු කොරියාවේ පියොන්ග්චාන්ග් හී දීය. දින 10 ක් පුරා තරඟාවලිය පැවැත්විණ. රටවල් 49 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 567 ක් පමණ මෙවර තරඟාවලියට සහභාගී වීම විශේෂත්වයකි. මෙවර ක්‍රීඩා උළෙලට විශාලතම කණ්ඩායම ඉදිරිපත් කරනු ලැබුයේ ඇමරිකා එක්සත් ජනපදය විසින්ය.



ඔවුන් මෙවර තරඟාවලියේදී පදක්කම් සටහනේ ඉදිරියෙන් සිටී. ඒ අනුව හිමකරගත් පදක්කම් සංඛ්‍යාව 36 කි. ඊට රන් 13 ක්, සිල්ව 15 ක් හා ලෝකඩ පදක්කම් 8 ක් ඇතුළත් වේ. දකුණු කොරියාව මෙම ක්‍රීඩා උළෙල සඳහා සත්කාරකත්වය ලබා දුන්නේ වසර 30 කට පසුවය. ඒ 1988 න් පසුව වීම ද විශේෂය. මීළග පැරාලිම්පික් ශීත ඍතු ක්‍රීඩා උළෙල වසර 2022 දී බීජිං හි දී පැවැත්වීමට නියමිතය.