Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 22, 2018

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ සමග පැවැති තරගයෙන් පාකිස්ථානු කාන්තා ක්‍රිකට් පිලට ලකුණු 69ක ජයක්

සංචාරක පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ලේ පැවති පළමු එක් දින තරගයෙන් ලකුණු 69 ක ජයක් ලබා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.




තරගයේ පළමුවෙන් පන්දුවර පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 250 ක් රැස් කළාය. එහිදී ජවේරියා ඛාන් නොදැවී ලකුණු 113 ක් රැස් කරනු ලැබීය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 181 ක් පමණි.