පරිසර හිතකාමී පොලිතීන් ලෙස හඳුන්වාදෙමින් තහනම් කර ඇති ආකාරයේ පොලිතීන් ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන්නන් සිටින බවට හඳුනාගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
එහි විමර්ශන අධ්‍යක්ෂ එන්.එස්. ගමගේ මහතා පැවසුවේ එවැනි නිෂ්පාදකයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි. කෙසේවෙතත් බොහෝමයක් පොලිතීන් නිෂ්පාදකයින් පරිසර හිතකාමී පොලිතීන් නිෂ්පාදනය සිදුකරන බවට ඔහු පවසයි. පොලිතීන් ගමන් මළු ඇතුළු අනෙකුත් පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම ජෛව හායනයට ලක්වන ප්ලාස්ටික් නිෂ්පාදනයට ද බොහෝමයක් නිෂ්පාදකයින් යොමුවීම යහපත් ප්‍රවණතාවක් බව එන්.එස්. ගමගේ මහතා සඳහන් කරයි.