Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 15, 2018

ශ්‍රී ලංකාවෙන් තවත් වාර්ථාවක්

අඩු මධ්‍යම ආදායම් රටවල් 52 ක් අතරි සජීවී දරු උපත් මරණ අනුපාතය පාලනය කල රට බවට ශ්‍රී ලංකාව පත්වේ. “සෑම දරුවෙක්ම ජීවත් කරවමු” මැයෙන් පසුගියදා එළිදැක්වූ එක්සත් ජාතීන්ගේ යුනිසෙෆ් වාර්තාවේ මේ බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ සජීවී දරු උපත් මරණ අනුපාතය සජීවී දරු උපත් 1000 කට 5.3 ක් වන විට එම මරණ අනුපාතය දුර්වලම රට වන පාකිස්ථානයේ එය 45.6 කි. ඉන්දියාවේ 25.4 ක් සහ බංග්ලාදේශයේ 20.1 ක් වේ. ශ්‍රී ලංකාවේ නව ජන්ම මරණ අනුපාතය තායිලන්තය, තුර්කිය, බ්‍රසීලය වැනි බොහෝ ඉහළ මධ්‍යම ආදායම් රටවල් වලට ද වඩා උසස් මට්ටමක පවතියි. එය සෞදි අරාබිය, චීලී වැනි ඉහළ ආදායම් රටවල් වලට වඩා උසස් වෙයි.