Social Icons

facebookrss feedemailtwitter

Friday, June 15, 2018

පුද්ගලික රෝහල්වල උපරිම චැනලින් ගාස්තුව රු. 2,000 කට සීමාවේ

පුද්ගලික රෝහල්වල වෛද්‍යවරුන් චැනල් කිරීමේ දී රෝගීන්ගෙන් අය කළ හැකි උපරිම චැනල් ගාස්තුව රුපියල් 2,000 කට මේ වන විට සීමා කර ඇති බවත් වෛද්‍යවරයෙකු විසින් රෝගියෙක් පරීක්ෂා කළ යුතු අවම කාලසීමාව මිනිත්තු 10 ක් බවට තමන් විසින් නිර්දේශ කර ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

13 වැනි දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. “වෛද්‍යවරුන්ගේ ගාස්තුව යම් ප්‍රමාණයකට සීමා කරන්න, සියලුම පුද්ගලික රෝහල්වලට උපරිම මිලක් දාන්න මම කටයුතු කරනවා”.