Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 14, 2018

සෞදි කාන්තාවන්ට රිය පැදවීමට අවසරය 24 සිට

සෞදි කාන්තාවන්ට රිය පැදවීමට අවසර ලබා දීමට සෞදියේ සල්මාන් බින් අබ්දුල්ලාසි අල් සෞද් තීරණය කළේ පසුගිය වසරේදීය.

ඒ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ යෝජනාවකට අනුවයි. කාන්තාවන්ට රිය පැදවීම සඳහා අවසර දීම සිදුවන්නේ රාජ ආඥාවක් හරහායි. ලබන 24 වැනිදා සිට එය ක්‍රියාත්මක වේ. සුදුසුකම් ලැබූ සහ විදේශ රියැදුරු බලපත්‍ර ඇති කාන්තාවන් 2,000 කට මෙම සතිය ඇතුළත රියැදුරු බලපත්‍ර ලබා දෙන බව සෞදි මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසා ඇත.