Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 14, 2018

දුම්රිය එංජින් මිලට ගැනීමට අ.‍ඩො.මි 48.67ක්

දුම්රිය දෙපාර්තමේන්තුවට නව දුම්රිය එන්ජිං12ක් මිලදී ගැනීමට අවශ්‍යවන ඇමරිකානු ඩොලර් මිලියන 48.67ක අරමුදල් කැනඩා අපනයන සංවර්ධන ආයතනයේ සහයෝගම මත ලබා ගැනීමට නියමිතයි.
අමාත්‍ය මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මෙහෙයුම් සේවා වැඩිදියුණු කිරීම මෙහි අරමුණයි.  එමෙන්ම, ඉන්දියානු ණය ආධාර යටතේ දුම්රිය මගී මැදිරි 160ක් මිල දී ගැනීමට රජය පියවර ගෙන තිබෙනවා.  මේ සඳහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 82.63ක්.