Social Icons

facebookrss feedemailtwitter

Sunday, June 10, 2018

නේටෝ සංවිධානයේ නව ඒකාබද්ධ අණදෙන මූලස්ථාන දෙකක්

නව ඒකාබද්ධ අණදෙන මූලස්ථාන දෙකක් පිහිටුවීමට නේටෝ සංවිධානය තීරණය කරයි. එම මධ්‍යස්ථාන ඇමරිකාවේ හා ජර්මනියේ පිහිටුවීමට පියවර ගන්නා බව නේටෝ මහ ලේකම්වරයා කියා සිටී.

ඒ අනුව නේටෝ සංවිධානයේ අත්ලාන්තික් අණදෙන මූලස්ථානය ඇමරිකාවේ නෝර්ෆොර්ක් හී ස්ථාපිත කරන අතර තවත් නව අණදෙන මධ්‍යස්ථානයක් ජර්මනියේ පිහිටුවීමට කටයුතු කෙරේ‍. නේටෝ සංවිධානයේ අමාත්‍ය රැස්වීම අවසානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් නේටෝ මහලේකම්වරයා මෙම තොරතුරු හෙළි කළේය.

නව අණදෙන ව්‍යූහය ශක්තිමත් කිරීමට නේටෝ අමාත්‍යවරුන් එකඟවී ඇත. එම අණදෙන ව්‍යූහය ශක්තිමත් කිරීම සඳහා 1200 කට වැඩි පිරිස් බලයක් යෙදවෙනු ඇත. සීතල යුධ සමයෙන් පසු නේටෝ කාර්ය මණ්ඩලය 7000 ක් දක්වා අඩු කෙරිණ. අන්තර් අත්ලාන්තික් සාගර ප්‍රදේශ ආ‍රක්ෂා කිරීමේ අරමුණෙන් මෙම නව මූලස්ථාන පිහිටුවීමට පියවර ගෙන තිබේ.