Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 13, 2018

යේමනයට සාම සැලැස්මක්

යේමනයේ ගැටුම් අවසන් කිරීමට නව සාම සැලැස්මක් හඳුන්වා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැරැසෙයි.

යේමනයේ අර්බුදයක් නිර්මාණය වූයේ ෂියා මුස්ලිම් ‘හවුති’ කැරැලිකාර කණ්ඩායම් සෞදි හිතවාදී යේමන රජය පෙරළා දමා බලය අල්ලා ගැනීමත් සමඟය. සෞදිය යේමන හවුති කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර ආරම්භ කළේ ඉන්පසුවය. එම ප්‍රහාරවලින් සන්නද්ධ හවුති කැරැලිකරුවන් පමණක් නොව, යේමන සිවිල් වැසියෝ ද දහස් ගණනක් මියගොස් ඇත.

යේමන හමුදාවෙන් ලබා ගත් දිගු දුර බැලැස්ටික මිසයිල හවුති කැරැලිකරුවන් සතුව පවතී. ඔවුන් ඒවා යොදා ගනිමින්, සෞදි ඉලක්ක වෙත පහර දීම ද සිදුකරයි. එම බැලැස්ටික් මිසයිල යළි යේමන රජයේ හමුදා වෙත බාර දීමට කටයුතු කරන්නේ නම්, හවුති කැරැලිකරුවන්ට නීත්‍යාණුකූල අයුරින් යේමනයේ බලයට පත්වීම සඳහා නව සාම සැලැස්මක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත.

හවුති කැරැලිකරුවන් ද එම යෝජනාවට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.