Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 13, 2018

ජී - 7 සංවිධානයේ නායක සමුළුව නිමාවට පත් වේ

9 වැනි දා කැනඩාවේදී අවසන් වූ එම දෙදින සමුළුවෙන් පසු ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කෙරිණ.‍

මෙවර සමුළුව සාර්ථක වුව ද ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි ස්ථාවරය හේතුවෙන් වෙළෙඳ ප්‍රශ්න පිළිබඳව ජී - 7 සංවිධානයට විශාල කාර්යභාරයක් ඉටු කිරිමට සිදු වන බව කැනේඩියානු අග්‍රාමාත්‍ය Justin Trudeau මහතා සමුළුවෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ ය.

පරිසර හා සාගර සංරක්ෂණ පිළිබඳ ගිවිසුමට ජී - 7 සංවිධානයේ රටවල් 5 ක් එකඟ වුව ද ඇමෙරිකාව හා ජපානය ඊට අත්සන් නොතැබූ බව ඔහු පැවසීය. Justin Trudeau මහතාගේ වැරදි ප්‍රකාශය සලකා බලා මෙවර නායක සමුළුවේ ඒකාබද්ධ ප්‍රකාශනයට සහය නොදෙන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉන් අනතුරු ව ප්‍රකාශ කළේ ය. ජී - 7 සංවිධානයේ මෙවර නායක සමුළුව ආරම්භ වීමට පෙර වෙළෙඳාම හා ඉරාන ප්‍රශ්නය පිළිබඳව ඇමෙරිකාව හා ජර්මනිය අතර විශාල මතභේද හටගෙන තිබිණ. පසුගිය ජුනි මස පළමු දා සිට යකඩ සහ ඇළුමිනියම් ආනයන සම්බන්ධයෙන් යුරෝපා සංගමය, කැනඩාව හා මෙක්සිකෝවට එරෙහි ව ඇමෙරිකාව තීරු බදු ද වැඩි කළේ ය.

වෙළෙඳාම හා දේශගුණික වෙනස්වීම් යනාදි ක්ෂේත්‍රවල ඇමෙරිකාව සහ ජී - 7 සංවිධානයේ සෙසු සාමාජික රටවල් අතර පවතින මතභේද තව තවත් වැඩි වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.