Social Icons

facebookrss feedemailtwitter

Friday, February 9, 2018

ජුලියන් අසාන්ජ් ගේ වරෙන්තුව තවදුරටත් බල පැවැත්වේ

විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් (Julian Assange) අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව තවදුරටත් බල පැවැත්වෙන බව බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර ඇත. මෙම වරෙන්තුව ඉවත් කර ගන්නා ලෙස අසාන්ජ් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු අධිකරණයෙන් පසුගියදා ඉල්ලීමක් කළහ. ජුලියන් අසාන්ජ්ට එරෙහිව අදාළ වරෙන්තුව නිකුත් කෙරුණේ 2012 වසරේ දී ය.


ඒ ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ දේශපාලන සරණාගතභාවය පැතීම හේතුවෙනි. ලිංගික අතවර සම්බන්ධයෙන් ස්වීඩනය තුළ චෝදනා ලැබ සිටින අසාන්ජ් එරටට පිටමං කිරීමට නියමිතව සිටියහ.