Social Icons

facebookrss feedemailtwitter

Friday, February 9, 2018

මාලදිවයිනේ අර්බුධකාරී තත්වයට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ගේ අවධානය

මාලදිවයිනේ බලපැවැත්වෙන හදිසි තත්ත්වය කඩිනමින් අහෝසි කරන ලෙස, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මාලදිවයින් රජයෙන් ඉල්ලීමක් කරයි. මාලදිවයිනේ වත්මන් දේශපාලන අර්බුදය කෙරෙහි තමා දැඩි සැලකිල්ල දක්වන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිමය තත්ත්වය ආරක්ෂා කරමින් රටේ හදිසි තත්ත්වය අහෝසි කර අධිකරණ කාර්ය මණ්ඩලය ඇතුළු සියළු ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සහතික කරන ලෙස ද එම නිවේදනයෙන් ගුටෙරෙස් මහතා මාලදිවයින් රජයෙන් ඉල්ලා තිබේ.