Social Icons

facebookrss feedemailtwitter

Friday, February 9, 2018

ඩෙංගු වෛරසය පැතිර යාම වැළක්වීමට “Wolbachia” බැක්ටීරියාව ශ්‍රී ලංකාවට හඳුන්වාදේ

ඩෙංගු වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය විසින් හඳුන්වා දී ඇති “Wolbachia” බැක්ටීරියාව පිළිබද ව්‍යාපෘතිය” ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් කෙරේ. ඩෙංගු රෝගය සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා ඒකාබද්ධව විවිධ අමාත්‍යංශ සහ ආයතන මගින් විවිධ වැඩසටහන් දියත් කළ අතර 2017 වර්ෂයේදී රෝගීන් 187,000 ක් වාර්තා වූ අතර, මිනිස් ජීවිත 400 කට අධික ප්‍රමාණයක් මේ නිසා අහිමි විය.


ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගය පැතිරවීමේ ප්‍රධාන වාහකයා වන්නේ “Aedesaegypti” මදුරු විශේෂයය. රෝග ව්‍යාප්තිය පාලනය සඳහා පවතින ප්‍රධාන ක්‍රමෝපායන් වන්නේ, මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම සහ වාහක මදුරුවන් බෝවීම මර්දනය කිරීමය. මෙම තත්ත්වයන් යටතේ වඩා කාර්යක්ෂම හා පරිසර හිතකාමී ලෙස වාහකයින් පාලනය සිදුකළ යුතු වේ. ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය වැළෑක්වීම සඳහා Wolbachia බැක්ටීරියාව යොදා ගැනීම ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් හඳුන්වා දී ඇති නව ක්‍රමවේදයකි. මෙම බැක්ටීරියාව, මදුරු විශේෂ ඇතුළුව - ලෝකයේ කෘමි විශේෂ 60% කට වැඩි ප්‍රමාණයක් ශරීරය තුළ ස්වාභාවිකව ජීවත්වන බැක්ටීරියාවකි. Wolbachia බැක්ටීරියාව ශරීරය තුළට ඇතුළුවූ විට ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය සිදු නොවේ.

මෙම වෛරසය මදුරුවන් ගේ ශරීරයේ ඇතුළත් නොවේ. Wolbachia බැක්ටීරියාව එම නිසා කෘතිමව හඳුන්වා දීමෙන්, Aedesaegypti මදුරුවන් මගින් සිදුවන ඩෙංගු වෛරසය පැතිරයාම වළක්වාළීමට හැකිවේ. ඩෙංගු රෝගය පැතිරීම වැලැක්වීම සඳහා Wolbachia බැක්ටීරියාව ආසාධිත Aedesaegypti මදුරුවන් නිදහස් කිරීම ඕස්ට්‍රේලියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, බ්‍රසීලය සහ කොලොම්බියාව යන රටවල මේ වන විට සාර්ථකව සිදුවෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තෝරාගත් ප්‍රදේශ වල ක්ෂේත්‍ර මට්ටමේ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා සහයෝගය ලබා දීමට ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ World Mosquito Programme (WMP) කැමැත්ත පළ කර ඇත. Wolbachia බැක්ටීරියාව ආසාධිත Aedes මදුරුවන් නිදහස් කිරීමේ නියාමන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය වැලැක්වීමේ දීර්ඝකාලීන ක්‍රමෝපායකි.

ඕස්ට්‍රෙලියානු රජයෙන් මේ සදහා මූල්‍යමය දායකත්වය ලබා දේ. මෙම ව්‍යාපෘතිය අත්හදා බැලීමේ පර්යේෂණයක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්වය සඳහා වන ජාතික විශේෂඥ කමිටුවේ (National Expert Committee) එකඟතාවය ප්‍රධාන පර්යේෂකයන් හට ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය හා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය විසින් අත්සන් කරනු ලබන සහයෝගිතා ගිවිසුම සදහා නීතිපතිතුමන් විසින් අනුමත කොට ඇත. ඩෙංගු රෝගය වැඩි වශයෙන් ව්‍යාප්තව ඇත්තේ කොළඔ දිස්ත්‍රික්කයේය. ඒ අනුව, කොළඔ මහ නගර සභාවට අයත් කොළොන්නාව හා නුගේගොඩ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ තුළ යෝජිත “Wolbachia ව්‍යාපෘතිය” ක්‍රියාත්මක කිරීමට නියමිතය.