Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 23, 2018

සඳ මත ධ්‍රැව අයිස් තිබෙන බව විද්‍යාඥයෝ සොයා ගනී

චන්ද්‍ර පෘෂ්ඨය මතුපිට ධ්‍රැව අයිස් තිබෙන බවට පිළිගත හැකි සාක්ෂි හමුවි ඇතැයි විද්‍යාඥයෝ පවසති.

උත්තර හා දක්ෂිණ ධ්‍රැව දෙකේම එම අයිස් දක්නට ලැබෙන බව ඔවුන් සඳහන් කරන අතර ජාත්‍යන්තර විද්‍යා සඟරාවක මෙම තොරතුරු පළකර ඇත. සඳ ගවේෂණය සඳහා යොදවන ලද ඉන්දියාවට අයත් චන්ද්‍රයන් - 1 නම් යානයෙන් 2008 සහ 2009 යන වර්ෂ වලදී ලැබුණු දත්ත මගින් මෙම තොරතුරු හෙළිකරගෙන ඇත.

සඳේ එක් පැත්තක උෂ්ණත්වය ඉතා වැඩි වුවද අඳුරු පැත්තේ ධ්‍රැව වල උෂ්ණත්වය සෘණ අගයක් ගනියි. බුධ ග්‍රහයාගේ ද මෙවැනි ධැව අයිස් පවතින බව මිට පෙර අණාවරනය විය.