Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 11, 2018

සුන්දර පරිසරයක් වෙනුවෙන් - පොලිතීන් භාවිතයේ තහනම ඉදිරියටත්

තහනම් පොලිතීන් වැටලීම් ක්‍රියාවලිය මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් හා දිස්ත්‍රික් කාර්යාල සම්බන්ධ කරගනිමින්, පරිසර පොලිස් ඒකකයන්හි සහයෝගයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ. පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රජය විසින් පොලිතීන් භාණ්ඩ කිහිපයක් නිෂ්පාදනය, අලෙවිය, ගබඩා කිරීම හා පරිභෝජනය තහනම් කරන ලදි.

ලන්ච්ෂීට්, ෂොපින් බෑග්, ග්‍රොසරි බෑග් සහ කෑම බහාලන පෙට්ටි ( පොලිස්ටයරින්) මෙසේ තහනම් කරන ලද නිෂ්පාදනයන්ය. මෙවැනි ද්‍රව්‍ය පරිභෝජනයෙන් පසු පරිසරයට එකතුවීම නිසා දැඩි පාරිසරික හානි ගණනාවක් ඇතිවීම දිර්ඝ කාලයක සිට හඳුනාගැනීමත්, මේවායේ පවතින සැහැල්ලුභාවය නිසා නිසි කළමනාකරණ ක්‍රමවේදයකට හසුකරගැනීමට නොහැකිවීමත් හා කෙටි කාලීන ව දිරාපත් නොවිමත් යන කරුණු මත මෙම නිෂ්පාදන තහනම් කිරීමට පියවර  ගැණින.