Social Icons

facebookrss feedemailtwitter

Friday, February 9, 2018

ශ්‍රී ලංකාව කොඳෙව්වන් හා ගැටුම ජූනි මාසයේදී

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ලබන ජූනි මාසයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාල සටහන ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව තරඟ 3 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ අවසන් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස බාබඩෝස් හී දී පැවැත්වීමට නියමිතය.


එය කොදෙව් දූපත්හී දී පැවැත්වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගය වීම විශේෂත්වයකි. ජූනි 6 වැනිදා ට්රිනිඩෑඞ් හී දී ආරම්භ වන අදාළ තරඟාවලිය ජූනි 27 වනදායින් අවසන් වනු ඇති. මේ අතර එළඹෙන නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රීකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ සහභාගීත්වය ඔහුගේ වෛද්‍ය වාර්තා සළකා බැලීමෙන් අනතුරුව තීරණය කරන බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.