Social Icons

facebookrss feedemailtwitter

Friday, March 9, 2018

සැකකරුවන්ට දින 14ක රැඳවුම් නියෝග

මහනුවර කළහකාරී තත්ත්වයක් ඇති කිරීමට කුමන්ත්‍රණය කිරීම ආදී චෝදනා කීපයක් යටතේ  ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දස දෙනා දින 14ක් රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

හදිසි අවස්ථා රෙගුලාසි බලාත්මක කර ඇති නිසා ඒ යටතේ ඇති බලතල අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරා මෙලෙස රැඳවුම් නියෝග නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.   දිගන සහ පූජාපිටිය ප්‍රදේශවලදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෝ 10 දෙනා 08 වැනි දින රාත්‍රී කොළඹට රැගෙන එනු ලැබූහ.