ටිමෝර් මුහුදේ ස්ථිර මුහුදු දේශ සීමාවක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව හා නැගෙනහිර ටිමෝරය අතර ගිවිසුමක් අත්සන් කොට තිබේ. එම මුහුදු ප්‍රදේශයේ ඇති ඉන්ධන හා ගෑස් සම්බන්ධයෙන් අසල්වැසි දෙරට අතර දශක ගණනාවක් තිබූ අර්බුදකාරී තත්ත්වය මෙයින් සමනය වනු ඇත.
මේ අනුව ලොව දිළිඳුම රටවලින් එකක් වන නැගෙනහිර ටිමෝරයට අනාගතයේදී මෙම සම්පත්වලින් වැඩි කොටස හිමිවනු ඇත. ජාත්‍යන්තර අධිකරණයේ වූ එකඟතාවන්ට අනුව නිව්යෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී දෙරට මෙම ගිවිසුමට අත්සන් කොට තිබේ. මෙම ගිවිසුමට එකඟ වීමේලා දෙරට පළකළ එකඟතාවය එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටාරෙස්ගේ ප්‍රශංසාවට ලක්ව ඇත.