Social Icons

facebookrss feedemailtwitter

Tuesday, March 13, 2018

ඇමරිකාව වානේ හා ඇළුමිනියම් ආනයනය මත බදු පැනවීමට එරෙහිව ප්‍රංශය හා ජපානය දැඩි ‍විරෝධය පළ කරයි

ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා ඇමෙරිකා ජනාධිපති Donald Trump මහතා සමඟ දුරකථනයෙන් සාකච්ඡා කරමින් ඇමෙරිකාව වානේ හා ඇළුමිනියම් ආනයනය මත අධික බදු පැනවීම සම්බන්ධයෙන් දැඩි කණස්සල්ලක් දක්වන බව සඳහන් කළේය.


ඒ පිළිබඳව ජපාන කැබ්නට් මණ්ඩල මන්ත්‍රිවරු රැසක් කණගාටු හා කණස්සල්ල දක්වමින් ලෝක වෙළඳ සංවිධාන රාමුවේ අදාළ  විධිවිධාන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කර ඇත. ඇමරිකා ජනාධිපතිවරයා පසුගිය 8වැනිදා ප්‍රකාශ කළේ ඇමෙරිකාව ආනයනික වානේ මත  සියයට 25ක් බදු පනවන බවයි. එමෙන්ම ඇළුමිනියම් මත එය සියයට 10කි. අදාළ බදු අයකිරීම් දින 15ක් තුළ ක්‍රියාත්මක තත්ත්වයට පත්වෙයි.